Thursday, February 12, 2026
Follow Us
රෑ මැදියමෙන් පසු තෙල් නෑ

අත්‍යවශ්‍ය සේවාවන්ට ⁣වෙන්න යන දේ


(27) මධ්‍යම රාත්‍රියේ සිට ලබන මස (10) වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන පිරවුම්හල් වලින් පෞද්ගලික අංශයේ වාහන සඳහා ඩීසල් සහ පෙට්‍රල් නිකුත් නොකිරීමට රජය තීරණය තිබේ.

මෙම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විශේෂ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව වෙත එක්වෙමින් පැවසීය.

ඒ අනුව වරාය නැව් තොට, සෞඛ්‍ය අංශ අත්‍යාවශ්‍ය ආහාර පාන බෙදාහැරීම් කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනය යනාදී ක්ෂේත්‍ර සදහා පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna