දේශීය සහල් සඳහා මේවනවිට පවතින පාලන මිල ඉහළ දමන ලෙස වී මෝල් හිමියන් තමන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇතැයි වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
කෙසේවෙතත් පාරිභෝගිකයින් අනවශ්‍ය ලෙස සහල් තොග රැස්කර නොගන්නේ නම් මාස 07 කට සරිලන සහල් තොග මෙරට තුළ පවතින බවයි අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.
සහල් සඳහා පාලන මිලක් නියම කිරීමත් සමග වෙළඳපල තුළ සහල් හිගයක් දක්නට ලැබුණා. එහෙත් මේවනවිට එම තත්ත්වය යථාතත්ත්වයට පත්වෙමින් ඇති බවයි වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළේ.
පාරිභෝගිකයින් අනවශ්‍ය ලෙස වී තොග රැස්කිරීම හරහා මෙම සහල් හිගය නිර්මාණය වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Neth