බලශක්ති ඇමති හෙට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න යන කැබිනට් පත්‍රිකාව
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින ඉන්ධන පිරවුම්හල් වෙනත් සමාගම් වෙත ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවදානය යොමුව තිබේ.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව (27) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපරොත්තු වන බවයි.
ඒ අනුව ඕනෑම සමාගමකට මෙරටට ඉන්ධන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබේ.
“අපි සති දෙකක් තුනක් තුළ හදපු කැබිනට් පත්‍රිකාවක් තියෙනවා. අපි ඒක හෙට දවසේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. IOC වැනි ඉන්ධන නිෂ්පාදනය කරන රටවල්වල සමාගම්වලට ඇවිල්ලා අපේ තියෙන පිරවුම්හල් 1,690ක් තියෙනවා. අපි ඒවා වෙනත් සමාගම්වලට ලබාදෙන්න යෝජනා කරනවා. ඒකෙ දී අපේ එක කොන්දේසියක් තියෙනවා. අපි ඒ සමාගම්වලට ලබාදෙන්නේ අඩුම තරමේ අවුරුද්දක් හෝ මාස 6ක කාලයක් ඔවුන්ගේ සමාගම්වලින් ණය ක්‍රමයක් යටතේ මේ රටට ඉන්ධන ආනයනය කරන පසුබිම යටතේ.”
Aruna