අධ්‍යාපන අමාත්‍යංශය හදිසියේ ගත් තීරණය
ඉදිරි සතිය තුළද නගරාසන්න පාසල් නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ, රට තුළ මේ බව පවතින ඉන්ධන අර්බුදය හේතුවෙනි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වාදෙන්නේ, පසුගිය සතියේ පාසල් පැවැත්වු ආකාරයට මෙම සතිය තුළද පාසල් පැවැත්වීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවය.
ඒ අනුව කොළඹ නගරයේ සියලු පාසල් හෙටින් ආරම්භ වන සතිය තුළ ද වසා දැමෙන අතර ප්‍රධාන නගර ආශ්‍රිත පාසල් ද වසා තැබීමට යෝජනා කර තිබේ.
කෙසේවෙතත් අදාළ පාසල්වල අධ්‍යයන කටයුතු ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ගුරුවරුන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
කෙසේ වෙතත් හෙටින් ආරම්භ වන සතිය තුළ අපොස උසස් පෙළ සඳහා වාර පරීක්ෂණ පැවැත්වීමට සුදානම් කර ඇත්නම් එම වාර පරීක්ෂණ සති දෙකකින් පසු පැවැත්වීමට කටයුතු කරන ලෙස ද දැනුම්දී තිබේ.
Aruna