Thursday, February 12, 2026
Follow Us
පී එම් බී රයිස් අද වෙළෙඳ පොළට

පාරිභෝගික ජනතාවට පණිවිඩයක්


වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කර ගනිමින් සකස් කළ සහල් පැකට්ටු වෙළෙඳ පොළට නිකුත් කිරීම අද (27) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

වෙළෙඳ පොලේ සහල් මිල ඉහළ යාම පාලනයට හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලය විසින් පී එම් බී රයිස් යන වෙළෙඳ නාමය යටතේ මෙම සහල් නිකුත් කරනු ඇත.

කිලෝග්‍රෑම් 05 හා 10 ප්‍රමාණයෙන් සකස් කළ සහල් මළු අලෙවි කිරීමට ද පියවර ගෙන තිබේ.

වී අලෙවි මණ්ඩලය විසින් තමන් සතු සියලූ වී තොග යොදා ගනිමින් වෙළෙඳපොළ අවශ්‍යතාවය මත මාසයකට සහල් මෙට්‍රික් ටොන් දසදහස බැගින් සතොස අලෙවි සැල් හරහා මෙම සහල් නිකුත් කිරීමට අපේක්ෂිතයි.

සහල් පිළිබඳව රජයේ පාලන මිලට වඩා යම් තරමක් හෝ අවම මිලක් යටතේ මෙම සහල් අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය අපේක්ෂා කරන බව එහි සභාපති නීල් ද අල්විස්ෙ සඳහන් කරයි.

Aruna