සේවකයින් කැදවීම ගැන අලුත් චක්‍රලේඛයක්
රජයේ කාර්යාල වෙත සේවකයන් කැඳවීම සීමා කිරීමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් තවත් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ප්‍රවාහන පහසුකම් සපයාගැනීමේදී ඇතිවී ඇති දුෂ්කර තත්වය සළකා අත්‍යාවශ්‍ය සේවාවන්ට පැමිණෙන අයට වැඩි ඉඩක් ලබාදීම වෙනුවෙන් ඉකුත් 17 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය පරිදි නිලධාරීන් කැඳවීම සීමා කරන ලෙස එහි සඳහන් වේ.
ඒ අනුව රාජකාරී කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවා ස්ථාන වෙත කැඳවීමට ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
එමෙන්ම හැකි සෑම අවස්ථාවක දී ම සේවකයින්ට නිවසේ රැඳී සිටිමින් ඔවුන්ගේ සේවය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගැනීමටත් ආයතන ප්‍රධානීන් ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව එහි ස්නන්දහන් වේ.
ඉන්ධන පිරිමසා ගැනෙන අයුරින් නිලධාරීන්ගේ ගමන් බිමන් සීමා කරන ලෙසත් සියලු රැස්වීම් හා සාකච්ඡා මාර්ගගත ක්‍රමයට පවත්වන ලෙසත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
Aruna