Thursday, February 12, 2026
Follow Us
වයස 15ට අඩු සැමට ඩිජිටල් හැදුනුම්පතක්

පුද්ගලයන් මිලියන 17කට වසර එකහමාරකදී නව හැඳුනුම්පතක්


වයස අවුරුදු 15ට අඩු සියලු පුරවැසියන්ට ශ්‍රී ලංකා ඩිජිටල් අයි.ඩී. ලෙස හැඳුනුම්පතක් නිකුත් කිරීමට සුදානම් වන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක ප්‍රකාශ කර තිබේ.

සාමාන්‍ය ජීව දත්තවලට අමතරව පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු රුධිර වර්ගය ඇතුළුව ජීව විද්‍යාත්මක තොරතුරු ද ඇතුළත් කරමින් මේ ඩිජිටල් හැදුනුම්පත සකස් කිරීමට නියමිතයි.

රට පුරා පුද්ගලයන් මිලියන 17කට වසර එකහමාරක කාලයක් තුළදී මේ නව හැඳුනුම්පත නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය ආධාර ක්‍රමයක් යටතේ මේ නව හැඳුනුම්පත නිකුත් කෙරෙන අතර, ඊට මෘදුකාංග පද්ධතිය නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

Aruna