Thursday, February 12, 2026
Follow Us
සත්ත්ව ආහාර නිෂ්පාදනයට සහල් හා වී භාවිතය තහනම්

සහල් සහ වී ගැන ගැසට් නිවේදනයක්


සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී භාවිත කිරීම වළක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (24) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී ඍජුවම භාවිත කිරීම හෝ අනියම් ආකාරයකින් සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිත කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදාහැරීම හෝ මිලදී ගැනීම සිදුකළ නොහැකි බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් පවසයි.

Aruna