Thursday, February 12, 2026
Follow Us
අවුරුදු 15ට වැඩි හැමෝටම ලැබෙන්න යන දේ

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් පනිවිඩයක්


වයස අවරුදු 15 ට වැඩි සියලු දෙනා ලියාපදිංචි කොට නව ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වියනි ගුණතිලක පවසයි.

ශ්‍රී ලංකා යුනික් ඩිජිටල් අයි.ඩී ලෙස හඳුන්වන මෙම නව හැඳුනුම්පතට පුද්ගලයාගේ ජීවදත්ත තොරතුරුවලට අමතරව ඇඟිලි සළකුණු, රුධිර වර්ගය ඇතුළු ජීව විද්‍යාත්මක තොරතුරු ද ඇතුළත් වේ.

ඉන්දියානු ණය ආධාර යටතේ මෙම නව හැඳුනුම්පත නිකුත් කෙරෙන අතර පුද්ගලයන් මිලියන 17 ක පිරිසකට වසර එකහමාරක් තුළ මෙය නිකුත් කිරීමට බළාපොරොත්තු වන බව වියානි ගුණතිලක පවසයි.

Aruna