ලබන මස 15 වනදා වන විට වී ගොවීන් සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබාදීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාව හරහා මෙරටට ලබාදෙන යූරියා මෙට්ට්‍රික් ටොන් 65,000 ක තොගය ලබන මස 06 වනදා වන විට මෙරටට ලැබෙනු ඇති බවයි.
මීලඟ කන්නයේ සිට වී අලෙවි මණ්ඩලය මගින්ද සහල් අලෙවි කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේ.
Neth