පාලනය කළ නොහැකි බෙහෙත් හිඟයක් නෑ
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත බෙහෙත් හිඟයක් පවතින බවට විවිධ මත පල වුවද එවැනි පාලනය කළ නොහැකි බෙහෙත් හිඟයක් නැති බව සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය කෙහෙළිය රඔුක්වැල්ල පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී “වත්මන් ආර්ථික දුෂ්කරතා හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවා අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ සැලසුම්” පිළිබඳව (21දා) පැවති මාධ්‍ය දැනුවත් කිරීමේි ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත බෙහෙත් හිඟයක් පවතින බවට විවිධ මත පල වුවද එවැනි පාලනය කළ නොහැකි බෙහෙත් හිඟයක් නැත. ලබා දීමට නොහැකි වුවහොත් රෝගීන් මරණයට පත්විය හැකි ඖෂධ වර්ග 14 ක් තිබේ. එකී ඖෂධ වර්ගවල කිසිදු හිඟයක් නැත.ජලභීතිකා රෝගයට දෙන එන්නත්වල යම් අඩුවක් දක්නට ලැබුණද එයද මේ වන විට රෝහල්වලට සපයා ඇත.ඒ හැර හෙට (22දා) ජලභීතිකා එන්නත් මාත්‍රා 25,000 ක් ලැබෙන අතර ලබන මස මුල් සතිය වන විට චීන රජයෙන් තවත් එන්නත් ලක්ෂයක් ලැබීමට නියමිතව ඇත.
Aruna