Thursday, February 12, 2026
Follow Us
පාර්ලිමේන්තු වාර්තා පිටපත් ගණන අඩුකරයි

කඩදාසි හිඟය සහ ආනයන වියදම් ඉහළ යාම නිසා රාජ්‍ය වියදම් පහළට


අමාත්‍යංශ, දෙපාර්තමේන්තු තුළ සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතන විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වාර්තාවල පිටපත් සංඛ්‍යාව අඩු කිරීමට පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය කටයුතු කර තිබේ.

සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ රටේ පවතින කඩදාසි හිඟය හා ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය වියදම් අඩුකිරීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් සිදු කරන ලද කරුණු දැක්වීම හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සිදු කෙරුණු දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි.

සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන රාජ්‍ය ආයතනවල වාර්තා භාෂා තුනෙන් ම පිටපත් 12 ක් හා භාෂා තුනම ඇතුළත් සංයුක්ත තැටි 02ක් පමණක් ගෙන්වා ගැනීමට සභානායක කාර්යාලය කටයුතු ආරම්භ කර ඇති බවයි.

මීට පෙර පාර්ලිමේන්තුව වෙත එක් භාෂාවකින් පොත් 350 බැඟින් භාෂා ත්‍රිත්වයෙන්ම වාර්තා ඉදිරිපත් කර ඇත. පසුව මෙම වාර්තා භාෂා තුනම එක් පොතක මුද්‍රණය කර පොත් 22 ක් හා භාෂා තුනම ඇතුළත් සංයුක්ත තැටි 248 ක් ගෙන්වා ගෙන තිබේ.

Aruna