Thursday, February 12, 2026
Follow Us
පෙට්‍රල් සහ ඩීසල් නෞකා දිවයිනට පැමිණෙන දින මෙන්න

ලබන සතියේ ඉන්ධන පෝලිම් අඩුවේවි


පවතින ඉන්ධන අර්බුදය ලබන සතිය වන විට යම් තරමකට හෝ පාලනය කිරීමට හැකිවනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

පෙට්‍රල් නෞකාවක් මෙම මස 23 වැනිදා හා ඩීසල් නෞකාවක් 24 වැනිදා ලැබීමට නියමිත බවද එහිදී අමාත්‍යවරයා පැවසීය.

එම ඉන්ධන බෙදාහැරීම ආරම්භ කිරීමෙන් පසු සියයට 100ක් නැතත් පවතින තදබදය යම් තරමකට අඩුවනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

අත්‍යාවශ්‍ය සේවාවලට මෙන්ම කෘෂිකාර්මික, ධීවර ආදී කටයුතු ආදියට ප්‍රමුඛතාව දෙමින් මෙන්ම සලාක ක්‍රමවේදයක් හරහා එම ඉන්ධන බෙදාහැරීමෙන් අර්බුදය යම් තරමකට පාලනය කළ හැකි නමුත් ඉන්ධන එක්රැස්කිරීම් ආදිය පාලනය කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.

Aruna