Thursday, February 12, 2026
Follow Us
ඛනිජ තෙල් විදුලි සහ සෞඛ්‍ය සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

ඛණිජ තෙල් නිශ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, විදුලිබල සැපයීම, රෝහල් හා ඊට සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින්.

ජුනි මස 20වන දින සිට බලපැවැත්වෙන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. විදුලි සැපයුම සහ රෝහල් කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඉකුත් 08 වැනිදාද ගැසට් නිවේදනනයක් නිකුත් කෙරුණා.

Neth