Thursday, February 12, 2026
Follow Us
IMF සාකච්ඡා ගැන අගමැති කතා කරයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඉදිරියේදී මාණ්ඩලික මට්ටමේ එකඟත්වයක් ඇති කර ගත හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා කඩිනමින් අවසන් කර යෝජිත වැඩසටහන ආරම්භ කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ ඊයේ සිදු කළ සාකච්ඡාව සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.

මේ අතර දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් දින 10ක කාලයක් මෙරට රැදී සිටිමින් සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජේෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් ඇතුලු 10 දෙනෙකු මෙරටට පැමිණ සිටින නියෝජිත පිරිසට අයත් වනවා.

Neth