Thursday, February 12, 2026
Follow Us
රැල්ලට පාස්පෝට් ගන්න එපා - බලධාරීන්ගෙන් ඉල්ලීමක්

මෙම වසර තුළ ගමන් බලපත්‍ර තුන්ලක්ෂ 50, 000ක් පමණ නිකුත් කර ඇතත් ඒ අතරින් විදේශ ගතව ඇත්තේ හැටදහසක් පමණ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයේ ආගමන විගමන පාලක ප්‍රියන්ත හපුආරච්චි පැවසුවේ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ හදිසි අවශ්‍යතාවක් නොමැති නම් එම බලපත්‍ර ලබා ගැනීමට මෙම කාල සීමාවේදී අයදුම් නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයේ පාලක ප්‍රියන්ත හපුආරච්චි.

Neth