Thursday, February 12, 2026
Follow Us
ඉන්ධන බෙදාහැරීම ගැන රජය හදිසියේ ගත් තීරණය

ඉන්ධන සලාක ක්‍රමයට


වෘත්තීය ප්‍රවාහන ත්‍රිරෝද රථ, පෞද්ගලික බස් රථ, පාසල් ළමුන් ප්‍රවාහන රථ, කාර්යාල නිළධාරීන් ප්‍රවාහන රථ, බහාලුම් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන පුද්ගලයින්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් ඉන්ධන බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ සලාක ක්‍රමයක් යටතේ ඉන්ධන ලබාදීමට සැලසුම් කර ඇති බවය.

ඒ අනුව, අදාළ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව සඳහන් වේ.

අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර සාකච්ඡාවක් ඊයේ (18) පවත්වා ඇත.

එහිදී වෘත්තීය ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් දෛනිකව ඉන්ධන නිකුත් කිරීමට එකඟතාව පළකළ බව සමස්ත ලංකා ප්‍රවාහන ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ජේ. ඉමාම්ඩීන් මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින් ජේ. ඉමාම්ඩීන්මේ බව පැවසීය.

Aruna