Thursday, February 12, 2026
Follow Us
ඉන්ධන බවුසර් 3ක බලපත්‍ර අත්හිටුවයි

සිද්ධි 3ක් සම්බන්ධයෙන් විමර්ශන


ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ 3ක බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා වූ සිද්ධි 3ක් සම්බන්ධයෙන් අදාළ විමර්ශන පැවැත්වෙන තෙක් එලෙස බවුසර්වල බලපත්‍ර අත්හිටවූ බවය.

විවිධ ස්ථානවලදී බවුසර්වලින් බූලිවලට ඉන්ධන ලබාදෙන වීඩියෝ සමාජ ජාල මාධ්‍ය වෙත එක්වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදාළ විමර්ශන සිදුකෙරේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් අදාළ බවුසර් රථ සම්බන්ධයෙන් එම තීරණ ගෙන තිබේ.

Aruna