Thursday, February 12, 2026
Follow Us
අර්බුද මැද පාසල් අධ්‍යාපනයත් ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට යලි අවධානය

පවතින තත්ත්වය හේතුවෙන් පාසැල් කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. එහිදී ප්‍රධාන වශයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇත්තේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමයට හෙවත් ඔන්ලයින් ක්‍රමයට පවත්වනවාද? නැද්ද? යන්න පිළිබඳවයි.

එමෙන්ම ප්‍රවාහන ගැටළු නොමැති ග්‍රාමීය පාසැල්වල අධයන කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් නෙත් නිවුස් වෙත කියා සිටියා. මෙම සාකච්ඡාව සඳහා පළාත්, කලාප සහ කොට්ඨාශ භාර අධ්‍යාපන බලධාරීන් මෙන්ම වෘත්තීය සමිති සාමාජිකයින් ද සහභාගී වීමට නියමිතයි.

පවතින ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ගුරුවරුන්ට ලගම ඇති පාසැලට ගොස් ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ අවසර ලබාදුන්නා. විද්වතුන් පවසන්නේ දරුවන්ට ද ලගම පාසලට ගොස් අධ්‍යයන කටයුතු සිදුකිරීමට ඉඩ ලබාදීම පවතින තත්ත්වය යටතේ වඩා යෝග්‍ය බවයි.

මේ අතර මෙම වසරට අදාළ අගෝස්තු සහ දෙසැම්බර් පාසැල් නිවාඩුව ලබාදීමකින් තොරව පාසැල් අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට තිරණය කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා. විභාග පැවැත්වෙන කාලසීමාව තුළ පමණක් පාසැල් වෙත නිවාඩු ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Neth