දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කරනවාද? නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේ නිශ්චිත තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. දෛනික විදුලි කප්පාදුව සම්බන්ධයෙන් යළි කථාබහක් මතුවුණේ අද සිට නොරොච්චෝලේ බලාගාරයේ කොටසක් වසා දැමීම හේතුවෙන්. එලෙස වසා දැමෙන්නේ දින 75 කටයි.
මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවන ධාරිතාව මෙගාවොට් 270 ක්. පවතින තත්ත්වය හේතුවෙන් විදුලි ඉංජිනේරුවරුන් මත පළ කර තිබුණේ ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබුණහොත් විදුලි කප්පාදුව පැය 04 ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බවයි. ඒ අනුව ප්‍රමාණවත් ඉන්ධන ලැබී ඇත්දැයි නෙත් නිවුස් විදුලි ඉංජිනේරුවන්ගෙන් විමසීමක් කළා.
ඔවුන් පැවසුවේ මේවනවිට ක්‍රියාත්මක විදුලි කප්පාදුව දීර්ඝ නොකිරීමට ප්‍රමාණවත් තරම් කිසිඳු ඉන්ධන තොගයක් මෙතෙක් ලැබී නොමැති බවයි.
ඒ අනුව එළඹෙන සඳුදා සිට විදුලි කප්පාදුව දීර්ඝ වන්නේදැයි නෙත් නිවුස් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් විමසීමක් කළා. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ විදුලි කප්පාදුවේ කාලය තීරණය වන්නේ ඉන්ධන ලැබෙන ප්‍රමාණය මත බවයි.
ඒ අනුව විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද දිනයේ නිල වශයෙන් දැනුම්දෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Neth