ලඟදීම ගෑස් සඳහා වන මිල සූත්‍රය ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් පවසනවා. ඔහු කියා සිටියේ ඒ සඳහා වන අවසන් අදියරේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවයි.
මේ අනුව ගෑස් මිල වැඩි වන්නේ කුමන අගයකින්ද යැයි නෙත් නිවුස් ඔහුගෙන් ප්‍රශ්න කළා.
මෙලෙස ගෑස් මිල සංශෝදනය වීමට නියමිතව ඇත්තේ ගෑස් නොමැති වීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති පසුබිමකයි. ඇතැම් ප්‍රදේශවලට සති දෙකකට ආසන්න කාලයකින් ගෑස් ලැබී නැහැ. ගෑස් අර්බුධය ඇතුලු පවතින තත්වයෙන් පීඩාවට පත් මහරගම ජනතාව කුස්සියේ අරගලය නමින් ඊයේ රාත්‍රියේ විරෝධතාවයක නිරත වුනේ මුලුතැන්ගෙයි උපකරණද රැගෙන එමින්.
මෙවන් පසුබිමක ඉකුත් දා මෙරටට රැගෙන ආ ගෑස් නෞකාවේ ඇති ගෑස් තොග ජනතාවට බෙදා හැරිය නොහැකි දැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස්ගෙන් විමසීමක් කළා.
අදත් ගෑස් බෙදා හැරීමක් සිදු වන්නේ නැහැ.
Neth