Thursday, February 12, 2026
Follow Us
සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම නැවැත්වීමට ක්‍රියාමාර්ගයක්

සහල් හිඟය අවසන් වන ලකුණු


ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත වෙන් කර දීමට අද (17) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි තීරණය වී ඇත.

එමගින් ඉදිරියේදි මතුවිය හැකි සහල් හිඟය මග හරවා ගැනීමටත් , සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම පාලනය කිරිමටත් අපේක්ෂා කරයි.

මෙම සාකච්ඡාව සඳහා වෙළෙඳ , වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු , පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා , හිටපු අමාත්‍ය සාගල රත්නායක අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් සහභාගී වී ඇති බවට වාර්තා වී තිබේ.

Aruna