ඉන්දිය ණය ආධාර යටතේ ලබා ගැනීමට අපේක්ෂිත අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදල සම්බන්ධයෙන් මෙතෙක් නිෂ්චිතව තීරණයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු කියා සිටියේ එම ණය පහසුකම යටතේ ඉන්ධන ලැබෙන දිනයක් ද ප්‍රකාශ කර නොමැති බවයි.
කෙසේවෙතත් අදාළ මුදල ලැබුණහොත් එම අමෙරිකානු ඩොලර් මිලියන 500 යටතේ ඉදිරි මාස 04 ක ඉන්ධන අවශ්‍යතාව සපුරා ගැනීමට හැකි බව ඔහු කියා සිටියා. එම මුදලින් ඩීසල් සහ පෙට්‍රල් පමණක් මෙරටට ගෙන්වීමට අපේක්ෂා කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
බොරතෙල් නෞකා මෙරටට ලබා ගැනීම වාසිදායක වුවද ඒ සඳහා ද වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබුණු අවසන් ඩීසල් නෞකාවේ ඉන්ධන තොගය ගොඩබෑම ඊයේ රාත්‍රියේ ආරම්භ කළා. ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් අඩංගු එම නෞකාව දිවයිනට ළඟාවූයේ ඊයේ පස්වරුවේයි. කෙසේවෙතත් ඉන්ධන බෙදා හැරීම අද සිදුවන්නේදැයි මෙතෙක් නිෂ්චිත ප්‍රකාශයක් සිදු කර නැහැ.
Neth