Thursday, February 12, 2026
Follow Us
බස් වලට තෙල් ගහන්න අලුත් පිරවුම්හලක්

ඛනිජ තෙල් සංස්ථාවෙන් බස් වලට කෙලින්ම ඩීසල්


පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ ඉන්ධන පිරවුම්හලේ ඉදිකිරීම් අද (15) පෙරවරුවේ අවසන් වෙමින් තිබුණි.

දුම්රිය ඉන්ධන ප්‍රවාහන ටැංකියක් ස්ථාපිත කර ඒ ආසන්නයේ ඉන්ධන පොම්පයක් සවිකර තිබෙන අතර මෙම ඉන්ධන පිරවුම්හලට ඛනිජ තෙල් සංස්ථාවෙන් සෘජුවම ඩීසල් ලබාදෙයි.

වර්තමාන ඉන්ධන අර්බුදය හමුවේ බස් රථවලට ඉන්ධන ලබාගැනීමේ විශාල ගැටලුවක් මතුවී තිබේ.

ඒ පිළිබඳව අවධානය යොමු කර ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් අනුව මෙම ඉන්ධන පිරවුම්හල ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

Aruna