Thursday, February 12, 2026
Follow Us
වසරකට මුලු පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන පුද්ගලයින්ට රජයෙන් නව බද්දක්

වසරකට මුලු පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළදුන් හා සිල්ලර වෙළදුන් සඳහා සියයට 2.5ක අනුපාතයක් යටතේ නව බද්දක් වශයෙන් සමාජ ආරක්ෂණ දායකත්කව බද්ද හදුන්වා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඊට අදාල පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පලකර ඉන් අනතුරුව අනුමැති සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. 2022 අයවැය යෝජනා මගින් සමාජ ආරක්ෂණ අරමුදලක් හදුන්වාදීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙනවා.

Neth