අත්‍යවශ්‍ය නොවන සේවාවන්වල නිරත රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දිනයේ නිවාඩු ලබාදීමට ගෙන ඇති තීරණයෙන් පාසල්වල අධ්‍යන කටයුතුවලට කිසිදු බලපෑමක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
පාසල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වෑන් සහ බස්රථ සඳහා ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Neth