රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වලට මුල්තැන
පවතින තත්ත්වය තුළ ගෑස් සැපයීමට හැකියාව පවතින්නේ තොග වශයෙන් මිලදී ගත් ගැනුම්කරුවන් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ඒ අනුව රෝහල්, හෝටල් සහ ආදාහනාගාර එම කණ්ඩායම් යටතේ අයත්වන බවද අගමැතිවරයා පෙන්වා දෙයි.
ගෑස් මෙට්‍රික්ටොන් 3,600ක් රැගත් නෞකාවට අදාළ මුදල ගෙවීමෙන් පසු (14) ගෑස් බෝයාවේ සිට මුතුරාජවෙල පිහිටි ලිට්‍රෝ පර්යන්තය වෙත එම ගෑස් පොම්ප කිරීම ආරම්භ කෙරුණි.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක හිඟ මුදල ගෙවීමට නොහැකිව දින 6ක් පුරා තල්දියවත්ත මුහුදු සීමාවේ එම නෞකාව නැංගුරම් දමා තිබුණි.
ඉන් පසුව පැමිණෙන නැව්වලින් මාස 4කට ගෑස් ලබාගැනීමේ සැලසුමක් ඇති බවද අගමැතිවරයා පවසයි.
Aruna