ප්‍රවාහන ඇමතිගෙන් පාසල් ළමයින්ට සහනයක්
කොළඹට ඇතුළුවන සියලුම ප්‍රවේශ මාර්ග ආවරණය වන පරිදි නව ‘සිසු සැරිය’ බස් රථ සේවා 20 ක් හෙට (15 ) සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම බස් රථ සේවා සංඛ්‍යාව මාසයක් ඇතුළත 50 ක් දක්වා ඉහළ දමන බවයි.
ඉන්ධන මිල ඉහළ යාම සහ පොදු ප්‍රවාහන සේවාවල ගාස්තු ඉහල දැමීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.
Aruna