Friday, February 13, 2026
Follow Us
අර්බුද මැද පාසල් එන ගුරුවරුන්ට සහ සිසුන්ට සහන

ඉන්ධන අර්බුදය හමුවේ සිසුන් මෙන්ම ගුරුවරුන් පාසල් වෙත ප්‍රමාදවී පැමිණෙන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි තීන්දු නොගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තුවේදී 08 ප්‍රකාශ කළා.

එමෙන්ම වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ නිල ඇදුම හෝ පාවහන් නොමැතිව පාසල් පැමිණෙන සිසුන්ට සහනයක් ලබාදෙන ලෙසටද නිලධාරීන්ට උපදෙස් දුන් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ අද දිනයේද ධාවනය වූ පෞද්ගලික බස් රථවල අඩුවක් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ඉන්ධන ලබාගැනීම සදහා බොහෝ බස්රථ පෝලිම්වල නවතා ඇති ආකාරයක්ද අද දිනයේ දක්නට ලැබුණු බව නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් සදහන් කළා.

Neth