පාසල් වෑන් රියැදුරන්ට පණිවිඩයක්
ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවලින් ඩීසල් ලබාදීම නැවතත් අද (8) ආරම්භ කර තිබේ.
ඩීසල් හිඟය හේතුවෙන් අඩාල වී ඇති පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව පෞද්ගලික බස් රථ, පාසල් සේවයේ රථ සහ ගිලන්රථ යන සේවා සඳහා ලංගම ඩිපෝවලින් ඩීසල් ලබාගැනීමට අවස්ථාව හිමි වේ.
අප වාර්තාකරු පැවසුවේ මහරගම ඩිපෝවේ ඉන්ධන පිරවුම්හලෙන් අද පස්වරුවේ සිට පොදු ප්‍රවාහන සේවයට ඉන්ධන ලබාදීම ආරම්භ කර ඇති බවයි.
Aruna