Friday, February 13, 2026
Follow Us
බිත්තර වී වගාවට රසායනික පොහොර

ගුණාත්මක බීජ වී ගොවීන්ට ලබාදීමට පියවර


බිත්තර වී වගා කරන ලද කුඹුරු සඳහා අවශ්‍ය රසායනික පොහොර නිකුත් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම වන වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර දැනුම් දී ඇත.

පළාත් නවයේ හෙක්ටයාර් 6,774.3ක් මෙවර යල කන්නයේ බීජ වී වපුරා ඇත.

එම කුඹුරුවලට අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 1524ක්, TSP( Tipple Super Phosphate )පොහොර මෙට්‍රික් ටොන් 372.6ක් සහ MOP ( Murate OF Potash ) මෙට්‍රික් ටොන් 406.5ක් මේ වනවිට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

ගුණාත්මක භාවයෙන් යුත් බීජ වී ගොවීන්ට ලබාදීමේ අරමුණෙන් මෙම පියවර ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Aruna