Friday, February 13, 2026
Follow Us
ණය සහන කාල සීමාව දීර්ඝ කරයි

සංචාරක ක්‍ෂේත්‍රයේ නියැලෙන්නන්ට සුබ පණිවිඩයක්


සංචාරක ක්‍ෂේත්‍රයේ නියැලෙන්නන් සඳහා දැනට ලබා දී තිබෙන ණය සහන කාල සීමාව දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක මනූෂ නානයක්කාර පවසයි.

අද (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

මෙම ණය සහන කාල සීමාව දීර්ඝ කිරීමේ යෝජනාව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ඊයේ(06) දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට මෙලෙස අනුමැතිව හිමිව තිබේ.

රාජ්‍ය නොවන මුල්‍ය ආයතන සඳහා මාර්තු 31 දක්වා ලබා දී තිබූ ණය සහන කාල සීමාව මේ වන විට අහෝසි වී ඇති බව ත්, අනෙකුත් රාජ්‍ය බැංකු සහ මුල්‍ය ආයතන වෙත දී තිබූ ණය සීමාව ජූනි මාසයේදී අවසන් වන බව ත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Aruna