වන රක්ෂිතවල කොස් සහ දෙල් ඵලදාව නෙළා ගැනීම සඳහා ජනතාවට අවසර ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, වන සංරක්ෂණ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීයී.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ රක්ෂිත ඉඩම්වල හටගන්නා ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස්යට වැටී කුණුවී යන බවයි. එම ඵලදාව ජනතාවට ලබාදීම ආහාර අර්බුදයට යම් සහනයක් වනවා.
මේ හේතුවෙන් මුදල් අය කිරීමකින් තොරව නව බලපත්‍ර ලබාදී, ජනාතාවට රක්ෂිතවලට ඇතුලුවී එම ඵලදාව ලබාගන්න අවස්ථාව සලසන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
මේ අතර නැගෙනහිර පළාත් සභාවට අයත් සෑම රජයේ ආයතනයකම ගෙවත්තක් සකසන ලෙස පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, මඩකලපුව දිස්ත්‍රික් කෘෂි උපදේෂකවරුන් සමඟ පැවති හමුවකදීයි.
එහිදී ආණ්ඩුකාරවරිය පවසා ඇත්තේ ආහාර අර්බුදයට මුහුණදීම සඳහා කෘෂිකර්ම උපදේශකවරුන් හරහා ගොවීන් දැනුවත් කරන ලෙසයි.
Neth