Friday, February 13, 2026
Follow Us
අජිත් රෝහණ වැඩ භාරගනී

දකුණු පළාත භාර දස වැනි ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති පත්වෙයි


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පළාත් භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඊයේ (01) වැඩ භාරගෙන තිබේ.

වැඩ භාරගැනීමට පෙර ඔහු මාතර බෝ සමිඳු වෙත ගොස් ආගමික වතාවන් සිදුකර ආශීර්වාදය ලබාගෙන ඇත.

අජිත් රෝහණ අපරාධ හා රථවාහන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ද කටයුතු කළ නිලධාරියෙක් වන අතර දකුණු පළාත භාරව කටයුතු කරන දස වැනි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඔහු පොලිස් ඉතිහාසයට එකතු වනු ඇත.

Aruna