Friday, February 13, 2026
Follow Us
සා. පෙළ ප්‍රතිඵල වලට පෙර උසස් පෙළ ප්‍රතිඵල

සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු ජුනි 17 සිට ජූලි 09 දක්වා


ඊයේ (01) දිනයෙන් අවසන් වූ 2021 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබා දීමට පෙර මීට පෙර පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිපඵල නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් ඵල් ඵම් ඩී ධර්මසේන පැවසුවේ සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල පළමු අදියර එළඹෙන ජුනි 17 වැනිදා සිට ජුනි 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.

එහි දෙවන අදියර ජුනි මස 30 වැනිදා සිට ජූලි 09 වැනිදා දක්වා පැවැත්වෙන බව ඔහු පැවසීය.

පාසල් 85 ක ඇගයිම් මධ්‍යස්ථාන 106 ක් ක්‍රියාත්මක වන අතර විභාග පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා පරීක්ෂකවරුන් 32,368 ක් සේවයේ යෙදවීමට නියමිතයි.

Aruna