Friday, February 13, 2026
Follow Us
ජුනි 02 වනදා සිට නැවතත් විදුලිය කැපේ

ජුනි මස 02 වනදා සිට නැවත වරක් විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව ජුනි මස 02 වනදා සිට 05 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහනක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම කාලසටහනට අනුව ජුනි මස 02සහ 03 යන දින දෙකේදී පැය 02 බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

ජුනි 04 වනදා පැයක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන අතර ජුනි මස 05 වනදා විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා.

Neth