Friday, February 13, 2026
Follow Us
ආහාර අර්බුදයට මුහුණ දෙන්න බුද්ධ ශාසන අමාත්‍යංශයෙනුත් වැඩපිළිවෙළක්

ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ආගමික ස්ථාන සතු ඉඩම්වල වගා කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු ආගමික නායකයින් සමග සාකච්ඡා කර එම වැඩසටහන ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

කෘෂිකර්ම හා රාජ්‍ය පරිපාලන යන අමාත්‍යාංශ සමඟ එක්ව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද අමාත්‍ය විදුර වික්‍රමනායක වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේ අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරින්ගේ නිවෙස්වලින් ගෙවතු වගා වැඩසටහනක් ආරම්භ කරන බවයි.

Neth