අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් තව දුරටත් පවත්වා ගෙන යාමට හා සහන ලබා දීම සඳහා රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඊට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.
ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදය සම්බන්ධයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ බවයි සම කැබිනට් ප්‍රකාශක කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ.
Neth