Friday, February 13, 2026
Follow Us
ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් කෙරේ

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හෙට (01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර තිබෙනවා.

‪ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත‬ භාරදෙනු ලැබුවා.

යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා අද යුද හමුදාපති ධුරයෙන් ඉවත්ව යාමත් සමග ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර තිබෙනවා.

මේ අතර යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් විකුම් ලියනගේ හෙට සිට යුද හමුදාපතිධුරයට පත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

Neth