Friday, February 13, 2026
Follow Us
සතියට දින දෙකක් වැසෙන කාර්යාලය

සිවිල් ගුවන් සේවා අධිකාරියේ රාජකාරී ක්‍රමවේදයේ වෙනසක්


නැවත දැනුම්දෙන තුරු සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්‍යය මණ්ඩලය රාජකාරි සඳහා ගෙන්වීමේ ක්‍රමවේදයෙහි වෙනසක් කොට තිබේ.

ඒ අනුව 2022 මැයි 30 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්‍යය මණ්ඩලය රාජකාරි සඳහා වාර්තා කළ යුත්තේ සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනයන්හි පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසා ඇත.

එම දිනයන්හි කාර්යාල වේලාවන් සදහන් කර තිබෙන්නේ උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වන අතර ඒ දිනයන්හි කාර්යාල මණ්ඩලය කාර්යාලයේ සිට වැඩ කල යුතු බව දන්වා ඇති බවට වාර්තා වේ.

අනෙකුත් දින දෙක වන අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන්හි උදේ 8.30 සිට සවස 4.15 දක්වා කාර්‍යය මණ්ඩලය නිවසේ සිට වැඩ කළ යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර ඇත.

එබැවින් සේවා දායකයන් හට අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) කාර්යාල වෙත නොපැමිණෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Aruna