Friday, February 13, 2026
Follow Us
දුම්රියේ වෙන් කළ ආසන සඳහා අය කරන ගාස්තු සියයට 30කින් ඉහලට

විශේෂ දුම්රිය සහ වෙන් කළ ආසන සඳහා අයකරන ගාස්තු සියයට 30කින් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ ජුනි මස පළමුවනදා සිට එම ගාස්තු වැඩි වීම ක්‍රියාත්මක වන බවයි.

සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර, පාර්සල් සහ ඉන්ධන ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමටද අදාළ අංශවලින් අවසර ඉල්ලා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Neth