Friday, February 13, 2026
Follow Us
ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් දෙමව්පියන්ට විශේෂ දැනුම් දීමක්

කුඩා දරුවන් තනිව මහමඟ කිසිදු කටයුත්තක නොයොදන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මවුපියන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ අටලුගම 09 හැවිරිදි දැරිය ඝාතන සිද්ධිය නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ අදාළ දැරිය තනිව වෙළදසැල වෙත යැවීම සිදු නොකළේ නම් එම ඝාතනය පවා වැළැක්වීමට ඉඩ තිබූ බවයි.

දරුවන් ආරක්ෂා කර ගැනීම සදහා සෑම වැඩිහිටියෙකුම වගකීමෙන් ක්‍රියා කළ යුතු බවද ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා වැඩදුරටත් පෙන්වා දුන්නා.

Neth