ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීම සදහා ගොවීන් මුහුණ පා සිටින ප්‍රධාන ගැටළු කිහිපයකට කඩිනම් විසදුම් ලබා දිය යුතු බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ බීජ, කෘෂි රසායනික හා පොහොර ගැටළු මෙන්ම සී සෑමේ දී මුහුණ පෑමට සිදුව ඇති ඉන්ධන ගැටළුවට වහාම විසදුම් ලබා දිය යුතු බවයි.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ දිවයිනේ කෘෂිකාර්මික කලාප 46ක් සදහා වෙන වෙනම සුදුසු අතිරේක බෝග වර්ග වගා කිරීම සදහා විධිමත් වැඩ පිළිවෙලක් ආරම්භ කරන බවයි. අතිරේක බෝග වගා කිරීමේ දී බීජ සම්බන්ධයෙන් ගැටළුයක් මතු නොවන බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළා.
මේ අතර ඊයේ රාත්‍රියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ආහාර අර්බුදයට මුහුණ දීම සදහා එක් එක් අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමටයි එහිදී යෝජනා වී ඇත්තේ.
Neth