රාජ්‍ය සේවය “ඊ රාජ්‍ය සේවයක්” වෙන ලකුණු
ඉන්ධන හා බලශක්තිය පිරිමැසීම වෙනුවෙන් හා විකල්ප ප්‍රවාහන ක්‍රමවේද භාවිතා කිරීමේ පහසුව සඳහා රාජ්‍ය ආයතනවලට පැමිණීමේදී නිල ඇඳුම වෙනුවට පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට ඉඩ ලබා දීය යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ පැවසිය.
රටක් ලෙස අද මුහුණ දී සිටින්නේ තීරණාත්මක මොහොතකට බැවින් සාම්ප්‍රදායක රාජ්‍ය සේවයෙන් ඔබ්බට ගොස් සේවාව සැපයීමට සියල්ලන් කටයුතු කළ යුතු බවද ලේකම්වරයා සඳහන් කළේය.
ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා සිය ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරමින්ය.
පවතින තත්ත්වය තුළ රාජ්‍ය සේවය ‘ඊ’ රාජ්‍ය සේවාවක් දක්වා පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය මතුව ඇති බවත් කඩදාසි භාවිතය අවම කිරීම සඳහා මෙම ‘ඊ’ තාක්ෂණය වැදගත් බවත් ලේකම්වරයා සඳහන් කළේය. රට වෙනුවෙන් ඩොලරයක් ඉතුරු කිරීමට රටවැසි සියල්ලන් මේ මොහොතේ අධිෂ්ඨාන කරගත යුතු බවද ලේකම්වරයා සඳහන් කළේය.
අද වන විට ඉන්ධන සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය ඉදිරියේදී ආහාරවලට ඇති වීමට ඉඩ ඇති බැවින් සෑම ගෙවත්තකම, පොදු ඉඩමකම මෙන්ම සිද්ධස්ථාන සතු ඉඩම්වල වගා කිරීමට දිසාපතිවරු මගින් වැඩපිළිවෙලක් වහා සකස් කළ යුතු බවද ලේකම්වරයා සඳහන් කළේය.
Aruna