Friday, February 13, 2026
Follow Us
ජුනි මාසයේ ඉන්ධන ආනයනට අවශ්‍ය මුදල් ප්‍රමාණය ගැන හෙළිදරව්වක්

ජුනි මාසය වෙනුවෙන් ඉන්ධන ආනයනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 554ක් පමණ අවශ්‍ය වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.



මෙම අවශ්‍යතාවයෙන් ඩොලර් මිලියන 100ක දායකත්වයක් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ඉතිරි වූ මුදලින් ලැබෙන අතර එයට අමතරව අවශ්‍ය මුදල් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සමග අද උදෑසන සාකච්ඡා කරන කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ඉන්දියානු රජය සමග නව ණය යෝජනා ක්‍රමය පිළිබඳවද සාකච්ඡා සිදු කරමින් පවතින බවයි සඳහන් කළේ.

Neth