ජූනි 01 වනදා සිට අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 100 ක පමණ අමතර මුදලක් වැය වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 31,000ක්, දැවි තෙල් මෙට්ට්‍රික් ටොන් 63,000ක් සහ නැප්තා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 11,000ක් ලංකා විදුලිබල මණ්ඩලය මාසිකව ඉල්ලා ඇති බවයි.
මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව සමඟ සාකච්ඡා කර ඊට අදාළ මුදල් කඩිනමින් ලබා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර සුර්ය පැනලවලට යොදා ගන්නා බැටරි ආනයනය කිරීම සදහා සහනයක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළා.
මේ අතර අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවා.
Neth