Friday, February 13, 2026
Follow Us
ජනපතිගෙන් ශෝක සටහනක්

අයිෂාට යුක්තිය ඉටුකරන බවට පොරොන්දුවක්


බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ ෆාතිමා අයිෂා දැරියගේ මරණය සම්බන්ධයෙන් යුත්තිය ඉටු කිරීමට පොරොන්දු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එම සාහසික අපරාධය සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

දැරියගේ මරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුලට හදපිරි ශෝකය සහ බලවත් සංවේගය පළකරන බව ද ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.

Aruna