Friday, February 13, 2026
Follow Us
රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් සියලු දෙනාටම ඉවත් වන්නැයි දැනුම් දෙයි

රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් සියලුදෙනාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.

ඒ අනුව ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සංස්ථාව, ලේක්හවුස් ආයතනය ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සියලුදෙනා ඉල්ලා අස්වීමට නියමිතය.

මේ වනවිටත් ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ අදාල තනතුරු සඳහා අලුතින් පුද්ගලයන් පත් කිරීමට නියමිතය.

LNW