අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, 27 පැවති සාකච්ඡාවේදීයි.
එම සාකච්ඡාවට එක්වූ ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් පවසා ඇත්තේ මේ වනවිට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන් බවයි. එය ඉදිරි සති කිහිපය ඇතුළත දී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. තෝරාගනු ලබන විෂය ක්‍ෂේත්‍රය කුමක් වුවත් සෑම සිසුවෙකුටම තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට අවස්ථාව සැලසෙන පරිදි විෂය නිර්දේශයන් සකස් වීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දී තිබෙනවා.
මේ වනවිට පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ සහ ශීෂ්‍යත්ව විභාගවලට අදාළ විෂය නිර්දේශ ආවරණය කර ඇති සීමාවන් කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
Neth