Monday, September 28, 2026
Follow Us
මැතිවරණ කොමිසමේ අද විශේෂ රැස්වීමක්

රටේ ආර්ථික හා දේශපාලන අර්බුදකාරී වාතාවරණය පිළිබදව සාකච්ඡාවක්


මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ විශේෂ රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතයි.

එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසුවේ රට මුහුණ දී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදකාරී වාතාවරණය පිළිබදව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

වත්මන් අර්බුකාරී වාතවරණයට විසඳුම් සෙවීම සඳහා මැතිවරණ කොමිසමේ නීති රාමුව අනුව මැදිහත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව නිමල් පුංචිහේවා වැඩිදුරටත් පැවසීය.

Aruna